මාලිගා කන්ද උසාවිය අසල පාසල් ළමුන් ප්‍රවාහන කරන රථ නැවැත්වීමට පොලිසිය විසින් තහනම් කර තිබෙනවා…
මාලිගා කන්ද උසාවිය වෙත ගමන් කරන මාර්ගය දෙපස මෙම රථ වාහන ගාල්කර තැබීම වසර කිහිපයක් පුරා සිදු කර තිබෙනවා..
අවට පිහිටි ආනන්ද, නාලන්ද ,ගෝතමී,ආනන්ද බාලිකා,සංඝමිත්තා,ඇතුළු පාසල් කිහිපයකම ළමුන් ප්‍රවාහනය කරන බස් රථ, සහ වෑන් රථ මෙම මාර්ගයේ ගාල්කර තැබෙන්නේ..
නව පාසල් වාරය ආරම්භ වීමත් සමග අද එම ප්‍රදේශයේ රථ වාහන ගාල් කිරීමට පැමිණි බස් රථ සහ වෑන් රථ රියදුරන්ට පොලිසිය විසින් එම ස්ථානයේ ගාල් කිරීමට අවසර දී නෑ..
උසාවි නියෝගයක් මත එම තීරණය ගෙන ඇති බවයි රථවාහන පොලිසිය පවසා තිබෙන්නේ..
කෙසේ වෙතත් අද දවසේ පමණක් මීටර් 100ක් ප්රමාණයකරථ වාහන ගාල් කිරීමට ඉඩ නොදෙන බව උසාවියේ පොලිස් නිලධාරින් පවසා තිබෙනවා..
මෙම තීරණය ගැනීමට හේතු වන්නේ පසුගියදා මාලිගාකන්ද උසාවිය ඉදිරිපිට වෙඩිතැබීමක් හේතු කොට ගෙනයි…
මෙම තීරණය ගැනීමත් සමග පාසල් පාසල් රථ සියදුරන් දැඩි අපහසුතාවයකට පත්විය සිටින බව මාධ්‍යයට පැවසුවා…
ලලිත් චන්ද්‍රසිරි ප්‍රනාන්දු මෙහිදී කියා සිටියේ මෙම ස්ථානයේ ගාල් කිරීමට නොහැකි වුවහොත් අසල් ළමුන්දර දැඩි අසීරුතාවයකට පත්වෙන බවයි..
වෙනත් ස්ථානයක් ලබා දුන්නත් පාසල් ළමුන් ගැනීමට පැමිණීමේදී දැඩි රථවාහන තදබදයක් ඇති විය හැකි බවද ඔවුන් පවසනවා..