පුංචි ජන්දයට සමගාමීව 03 දින මධ්‍යම රාත්‍රියේ පටන් ක්‍රියාත්මක වන පරිදි සියලු මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කිරීම තහනම්. එම නීති මාලාවට ගරුකරමින් සියලුම දෙනා එම පිළිවෙල අනුගමනය කරන කාල සීමාවක රටේ වගකිවයුතු තනතුරක් දරන අගමැති හරිනි අමරසූරිය මහත්මිය සිදු කළ ප්‍රකාශයක් මේ දිනවල බොහෝ දෙනෙක්ගේ විවේචනයට ලක්වුණා.
ඇය රැළියක් අමතමින් කියා සිටියේ අපි නිහඬ වුණාට ඔයගොල්ලන්ට පුළුවන් දුරකථනයෙන් කෝල් එකක් දීලා මැසේජ් එකක් දාලා ශේප් එකේ වැඩේ කරගෙන යන්න කියන අදහසක් ඇය සඳහන් කළා.
මැතිවරණ ප්‍රචාරක කටයුතු නවත්වන්න කියූ කාල සීමාවක මේ ආකාරයෙන් රටේ අගමැතිනිය අදහස් දැක්වීම ඉතා පහත් ඒ වගේම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් ලෙස සලකා බොහෝ පාර්ශ්වයන් විසින් ඇයට විරුද්ධව පැමිණිලි ඉදිරිපත් කළා.