මැදපෙරදිග අර්බුදය හමුවේ මෙරට ඉන්ධන සුරක්ෂිතතාව තහවුරුයි: ජනපතිගෙන් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්

මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ වුවද, ශ්‍රී ලංකාව තුළ කිසිදු ඉන්ධන හිඟයක් ඇතිවීමට ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේදී සහතික විය. දැනට මෙරට පවතින ඉන්ධන තොග පිළිබඳව සභාව දැනුවත් කළ ජනාධිපතිවරයා, ඉදිරි දින 33 සඳහා අවශ්‍ය ඩීසල් සහ දින 27ක් සඳහා අවශ්‍ය පෙට්‍රල් තොග දැනටමත් පවතින බව සඳහන් කළේය. මීට අමතරව, පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000ක් රැගත් නෞකාවක් මාර්තු 07 හෝ 08 වනදා මෙරටට ළඟා වීමට නියමිත අතර, RM Parks, SINOPEC, IOC සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් ඇණවුම් කළ ඉන්ධන නෞකා ද මාර්තු මාසය පුරාම නියමිත කාලසටහනට අනුව මෙරටට පැමිණීමට සූදානම් බව ඔහු වැඩිදුරටත් අනාවරණය කළේය.​කෙසේ වෙතත්, යුධ තත්ත්වය තවදුරටත් උත්සන්න වුවහොත් ඒ පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන බවත්, අවශ්‍ය පියවර ගැනීමට රජය සූදානම් බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. මැදපෙරදිග අර්බුදය ගෝලීය ආර්ථිකයට මෙන්ම ශ්‍රී ලංකාවට ද බලපාන බැවින්, සියලු පාර්ශ්වයන් සාමකාමී විසඳුමකට එළඹෙනු ඇතැයි රජය අපේක්ෂා කරන බව ද හෙතෙම පැවසීය. මෙම අර්බුදය මෙරට ආර්ථිකයට සිදුකරන බලපෑම පිළිබඳව මහ බැංකුව වාර්තාවක් සකස් කරමින් සිටින අතර, මුදල් හා විදේශ කටයුතු අමාත්‍යාංශ ඒකාබද්ධව අවශ්‍ය පූර්ව ආරක්ෂණ පියවර දැනටමත් ක්‍රියාත්මක කර ඇති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

What's your reaction?

Related Posts

1 of 1,032

Leave A Reply

Your email address will not be published. Required fields are marked *