​මැදපෙරදිග අර්බුදය හමුවේ මෙරට තේ කර්මාන්තය දැඩි අවදානමක: කුඩා තේ වතු හිමියෝ අසරණ වෙති

ශ්‍රී ලංකාවේ සමස්ත තේ අපනයනයෙන් 50%කට ආසන්න ප්‍රමාණයක් මැදපෙරදිග වෙළඳපොළ ඉලක්ක කරගත් ඒවා වන අතර, විශේෂයෙන් ඉරානය වෙත මෙරට ඉහළම ගුණාත්මකභාවයෙන් යුතු තේ අපනයනය කෙරේ. කෙසේ වෙතත්, පවතින අස්ථාවර තත්ත්වය හේතුවෙන් ඉරානය ඇතුළු කලාපීය රටවලට තේ යැවීම තාවකාලිකව ඇණහිට ඇති බව තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති ලයනල් හේරත් මහතා පෙන්වා දෙයි. මේ වන විට යුරෝපා රටවල් කරා යන නැව් ගාස්තු ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, එය දේශීය තේ වෙළඳපොළට එල්ල කර ඇත්තේ දැඩි බලපෑමකි.​මෙම අර්බුදය හේතුවෙන් මෙරට තේ කර්මාන්තයේ කොඳු නාරටිය බඳු වූ ලක්ෂ පහකට අධික කුඩා තේ වතු හිමියන්ගේ ජීවනෝපාය දැඩි තර්ජනයකට ලක්ව ඇත. විශේෂයෙන්ම වාර්ෂිකව කිලෝග්‍රෑම් මිලියන 130ක පමණ තේ නිෂ්පාදනයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ඉහළ මිලකට ඉරානයට අලෙවි කරන අතර, එම ආදායම අහිමි වීම ග්‍රාමීය ආර්ථිකයට දරාගත නොහැකි පහරක් වී තිබේ. එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේදී තේ වගාවෙන් යැපෙන ජනතාවට මුදල් හිඟයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි ද ඔහු අනතුරු අඟවයි.​පවතින තීරණාත්මක තත්ත්වය පිළිබඳව තේ කර්මාන්ත ශාලා හිමියන් දැනටමත් විෂයභාර අමාත්‍යවරයා දැනුවත් කර ඇති අතර, කර්මාන්තය බිඳ වැටීම වැළැක්වීම සඳහා කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලීම් කර ඇත. දෛනික ආදායම් මාර්ග අහිමි වෙමින් පවතින සුළු පරිමාණ වතු හිමියන් සුරැකීම වෙනුවෙන් රජයෙන් සාධනීය මැදිහත්වීමක් බලාපොරොත්තු වන බව ලයනල් හේරත් මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

What's your reaction?

Related Posts

1 of 1,037

Leave A Reply

Your email address will not be published. Required fields are marked *