මැදපෙරදිග යුද්ධයක් ඇරඹෙයි: ඉරානයට එරෙහිව ඇමරිකාව සහ ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

ඊශ්‍රායලය විසින් ඉරානයට මිසයිල ප්‍රහාර එල්ල කළ බව ප්‍රකාශ කිරීමත් සමඟ, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද ඉරානයට එරෙහිව “මහා පරිමාණ යුද මෙහෙයුම්” (Major combat operations) ආරම්භ කර ඇති බව නිවේදනය කර තිබේ. මෙයට ප්‍රතිචාර දක්වමින් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය පවසන්නේ තමන් ඊශ්‍රායලයට එරෙහිව පළිගැනීමේ අරමුණින් දැවැන්ත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බවයි. මේ අතර, බහරේනයේ පිහිටි ඇමරිකානු නාවික හමුදාවේ 5 වන බලඇණි මූලස්ථානය ඉලක්ක කර ගනිමින් ද මිසයිල ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, කටාර් රාජ්‍යය වෙත එල්ල වූ මිසයිලයක් අතරමගදී විනාශ කිරීමට සමත්ව තිබේ.​කලාපය පුරා උණුසුම් තත්ත්වයක් පවතින අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි අගනුවර ද පිපිරීම් වාර්තා වී ඇත. මේ හේතුවෙන් කලාපයේ බොහෝ රටවල් තම ගුවන් සීමාවන් වසා දැමීමට පියවර ගෙන තිබේ. ඉරානයේ අගනුවර වන ටෙහෙරාන් ඇතුළු නගර කිහිපයක ප්‍රබල පිපිරීම් හඬ ඇසුණු බව වාර්තා වන අතර, ඉරාන රජය මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නැතත්, එරට රාජ්‍ය මාධ්‍ය සඳහන් කරන්නේ ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ආරක්ෂිතව පසුවන බවයි.

What's your reaction?

Related Posts

1 of 686

Leave A Reply

Your email address will not be published. Required fields are marked *