මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් ආරක්ෂක තත්ත්වය පිළිබඳව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය දැඩි අවධානයෙන් පසුවන අතර, එහි වෙසෙන ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව රජයේ ප්‍රමුඛතම වගකීම බව අවධාරණය කරයි. මේ අනුව, කලාපය තුළ සිටින සියලුම ශ්‍රී ලාංකිකයන් ප්‍රාදේශීය පුවත් සහ රජයේ නිල නිවේදන පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙසත්, දේශසීමා ආසන්න ප්‍රදේශ හෝ හමුදා ක්‍රියාකාරකම් සහිත ස්ථාන වෙත අනවශ්‍ය ලෙස ගමන් කිරීමෙන් වළකින ලෙසත් උපදෙස් දෙනු ලැබේ. එසේම, මහජන ඒකරාශී වීම් සහ විරෝධතා පවතින ස්ථානවලින් බැහැරව සිටින ලෙසත්, තම අනන්‍යතාව තහවුරු කරන ලියකියවිලි (විදේශ ගමන් බලපත්‍රය/හැඳුනුම්පත) සැමවිටම ළඟ තබා ගනිමින් අදාළ ශ්‍රී ලංකා තානාපති කාර්යාල සමඟ සමීප සම්බන්ධතාවක් පවත්වා ගන්නා ලෙසත් දැනුම් දෙයි. සියලුම ශ්‍රී ලංකා දූත මණ්ඩල හරහා පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි ඇමතුම් අංක දැනටමත් ස්ථාපිත කර ඇති අතර, මැදපෙරදිග සිටින පිරිස්වල මෙරට සිටින ඥාතීන්ට අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා විශේෂ දුරකථන අංක ඉදිරියේදී විදේශ කටයුතු අමාත්‍යාංශය සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.


























