මැදපෙරදිග කලාපයේ, විශේෂයෙන්ම ඉරානය තුළ අද දින ඇති වූ හමුදාමය වර්ධනයන් හමුවේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව තමන් දැඩි කනස්සල්ලට පත්ව සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සිය X (ට්විටර්) ගිණුම ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් ඔහු අවධාරණය කරන්නේ මෙවැනි අවිනිශ්චිත මොහොතක කලාපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව රජයේ ඉහළම ප්‍රමුඛතාව විය යුතු බවයි. එබැවින් එහි වෙසෙන ලාංකික ජනතාවගේ ආරක්ෂාව සහ රැකවරණය සහතික කිරීම සඳහා අවශ්‍ය සියලුම රාජ්‍යතාන්ත්‍රික පියවර, සැපයුම් කටයුතු සහ හදිසි සහන ක්‍රියාමාර්ග වහාම ක්‍රියාත්මක කරන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටියි.


























