මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් විශේෂ හදිසි ප්‍රතිචාර ඒකකයක් ස්ථාපිත කර ඇත. මෙම සේවාව මැදපෙරදිග සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම ලංකාවේ සිටින ඔවුන්ගේ ඥාතීන්ට ද ඕනෑම හදිසි අවශ්‍යතාවයකදී සහාය ලබාගැනීම සඳහා විවෘතව පවතී.ඒ අනුව, පහත සඳහන් දුරකථන අංක සහ විද්‍යුත් තැපෑල ඔස්සේ ඔබට අදාළ අංශ සම්බන්ධ කර ගත හැකිය:
විදේශ කටයුතු අමාත්‍යාංශයේ හදිසි ප්‍රතිචාර ඒකකය: +94117445641 / +94112207250
වට්ස්ඇප් (WhatsApp) පණිවිඩ සඳහා පමණක්: +94777189552
විද්‍යුත් තැපෑල: [email protected]
කොන්සියුලර් කටයුතු අංශය: +94742595546
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය: +94719802822
ක්ෂණික ඇමතුම් අංකය: 1989


























