මිනුවන්ගොඩ සිසුන් පිරිසකට භූගෝල විද්‍යා පළමු ප්‍රශ්න පත්‍රය දීලා නෑ

පසුගියදා පැවති අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ දී මිනුවන්ගොඩ අල් අමාන් මුස්ලිම් විද්‍යාලයේ පැවති විභාග මධ්‍යස්ථානයේ සිසුන් 14ට භූගෝල විද්‍යා පළමු ප්‍රශ්න පත්‍රය ලබා දී නොමැති බවට චෝදනා ලැබී තිබෙනවා.

ලංකා ගුරු සංගමයේ ප්‍රධන ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කළේ මේ පිළිබඳව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවයි.

ගුරුවරුන් එවැනි ප්‍රශ්න පත්‍රයක් තිබුණ ද යන්න දැනගෙන තිබුණේ ද එදින සවස් වරුවේ බවයි ඔහු පවසන්නේ.

එම විභාග මධ්‍යස්ථානයේ දී දෙමළ මාධ්‍ය සිසුන් පිරිසක් විභාගයට මුහුණ දී ඇති අතර, එම මධ්‍යස්ථනයේ රාජකාරියේ නිරත සිංහල ගුරුවරුන්ට භාෂා ගැටලුවක් මත ප්‍රශ්න පත්‍ර බෙදා නොමැති බව ද වාර්තා වෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *