දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ මෙරට ජනතාව වෙනුවෙන් සහන සැලසීමේ අරමුණින්, මියන්මාර හමුදාවට අයත් ගුවන් යානයක් ආධාර තොගයක් රැගෙන ඊයේ (06) රාත්‍රියේ කටුනායක ගුවන් හමුදා කඳවුර වෙත පැමිණ තිබේ. මියන්මාර රජයේ විශේෂ දූත පිරිසක් සමඟ මෙම ගුවන් යානය මෙරටට පැමිණියේය.මෙම සහන ආධාර තොගයට සනීපාරක්ෂක ද්‍රව්‍ය, වෛද්‍යාධාර මෙන්ම ජනතාවට අත්‍යවශ්‍ය වන වෙනත් ද්‍රව්‍යද ඇතුළත් වන බව වාර්තා වේ. ආධාර භාරදීමේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපතිනී මාර්ලා තාන් ටයික් මහත්මිය, මියන්මාර රජයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් zසෝ ෆියෝ වින් ඇතුළු එරට රජයේ නියෝජිත පිරිසක් සහභාගී වී සිටියහ.ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙනුවෙන් එහි අධ්‍යක්ෂ ජනරාල් සැලසුම් එයාර් වයිස් මාර්ෂල් දේශප්‍රිය සිල්වා මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම භාණ්ඩ තොගය භාර ගැනීම සඳහා සහභාගී වූහ. මෙම මියන්මාර ආධාර තොගය, ස්වභාවික විපත්වලදී ශ්‍රී ලංකාවට ලැබෙන ජාත්‍යන්තර සහයෝගයේ තවත් සලකුණකි.


























