මිරිහාන රැලිය හේතුවෙන් හෙට (21) විශේෂ රථවාහන සැලැස්මක්

මිරිහාන පොලිස් බල ප්‍රදේශයේ පිහිටි ආනන්ද සමරකෝන් එළිමහන් රංග ශාලාව අසල හෙට (නොවැම්බර් 21 සිකුරාදා) පැවැත්වෙන මහජන රැලිය හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කරයි. මෙම රැලියට සහභාගී වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, සම්භාවනීය අමුත්තන්, දේශපාලන පක්ෂ නායකයින්, නියෝජිතයින්, ආධාරකරුවන් සහ මහජනතාවගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා විශේෂ රථවාහන හා ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය. හෙට පස්වරු 2.00 සිට උත්සවය අවසන් වන තෙක් නුගේගොඩ අධිවේගී මාර්ගය ආසන්නයේ ඇති හයිලෙවල් හන්දියේ සිට නාවල වටරවුම දක්වා වූ නාවල මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කෙරේ. ඒ අනුව, තදබදය වළක්වා ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රියදුරන්ට දැනුම් දෙයි:

  1. නුගේගොඩ හරහා නාවල හෝ පිටකෝට්ටේ වෙත යන කොළඹ සහ කොහුවල දෙසින් එන වාහන සඳහා හයිලෙවල් මාර්ගයේ ගම්සභා හන්දියෙන් වමට හැරී, කට්‍ටිය හන්දිය හරහා මිරිහාන සහ නාවල වෙත ධාවනය කළ හැකිය.
  2. නාවල වටරවුම හරහා නුගේගොඩ දෙසට යන පිටකෝට්ටේ සහ නාවල දෙසින් එන වාහනවලට කට්‍ටිය හන්දියෙන් ගම්සභා හන්දිය දක්වා හෝ දෙල්කඳ හන්දියෙන් හයිලෙවල් මාර්ගය දක්වා ධාවනය කළ හැකිය.
  3. හයිලෙවල් මාර්ගයේ මහරගම සිට නුගේගොඩ දෙසට යන වාහන සඳහා ගම්සභා හන්දියෙන් දකුණට හැරී කට්‍ටිය හන්දිය හරහා ගමන් කළ හැකිය

What's your reaction?

Related Posts

1 of 890

Leave A Reply

Your email address will not be published. Required fields are marked *