තලෛයිමන්නාරමේදී රුපියල් මිලියන 49 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් නාවික හමුදාව භාරයට ගෙන තිබේ.
නාවික හමුදාව පැවසුවේ තලෛයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී පාවෙමින් තිබූ පාර්සල්වල අසුරා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 124යි ග්‍රෑම් 392 ක් පමණ තොගක් සිය භාරයට ගත් බවයි.
නාවික හමුදාව පැවසුවේ එම කෙරල ගංජා තොගය ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව මුහුදේ අතහැර දමා යන්නට ඇතැයි සැක කරන බවයි