පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සහ සිඩ්නි ජයසිංහ යන මහත්වරුන් නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකණය අද (24) නියෝග කළේ ය.
ඒ, රුපියල් මිලියන 21ක මුදලක් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් පවරා තිබූ නඩුව අද කැඳවු අවස්ථාවේදී යි.
කොළඹ මහාධිකරණයේ පූර්වගාමී විනිසුරු නාමල් බණ්ඩාර බළල්ලේ මහතා හමුවේ නඩුව කැඳවිය.
විනිසුරුවරයා නියෝග කළේ, විත්තිකරුවන්ට එරෙහිව එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී තිබෙන බව නිගමනය කරමින් විත්තිකරුවන් අධිචෝදනා හතරෙන්ම නිදොස් කොට නිදහස් කරන බවයි.
1996 සැප්තැම්බර් 26 සහ 1997 සැප්තැම්බර් මස 25 වැනිදා අතර කාලසීමාව තුළ ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකු වන බ්‍රයන් ෂැඩික් නැමැත්තාට අයත් ඩිජිටල් නොමිනීස් පුද්ගලික සමාගම නමින් මිලදී ගෙන තිබූ පෞද්ගලික බැංකුවකට අයත් කොටස් මිලියන 21ක් ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සකස් කොට විකිණීම තුළින් රුපියල් මිලියන 21ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල සහ ව්‍යාපාරිකයකු වන සිඩ්නි ජයසිංහ යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබිණි.