මීගමුව ආසන මහජන සම්බන්ධීකරණ කාර්යාලය ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්නගේ සහභාගීත්වයෙන් ඊයේ (04) විවෘත කෙරුණි. ඒ අනුව ඊයේ (04දා) අංක 52, වෑබඩ පාර, මීගමුව යන ලිපිනයේ මීගමුව මහජන සම්බන්ධීකරණ කාර්‍යාලය විවෘතව පවතින අතර, 031- 2282998 දුරකථන අංකය ඔස්සේ ද ජනතාවට සම්බන්ධීකරණ කාර්යාලය සමඟ සම්බන්ධ විය හැකිය.
මෙහි දී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ප්‍රදේශයේ ජනතාව සමඟ සම්බන්ධ වීමට සහ ඔවුන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කිරීමට හැකි ප්‍රධාන ස්ථානය ලෙස සම්බන්ධීකරණ කාර්‍යාලය පවත්වාගෙන යාමට අදහස් කරන බවයි. තමන්ගේ යම් වරදක් අඩුපාඩුවක් ඇත්නම් ඒවා ද ඉදිරිපත් කරන ලෙසත්, වැරදි අඩුපාඩු නිවැරදි කරගැනීමට තමන් ඇතුළු කණ්ඩායම සූදානම් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
සියල්ල එකවර වෙනස් කිරීමට නොහැකි බවත්, ලද ජනවරම සමඟ බලාපොරොත්තු වූ වෙනස වෙනුවෙන් කැප වී ක්‍රියා කරන බවත් ක්‍රීඩා කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසුවේය. මීගමුව ආසනය තුළ පොදු වැඩ කටයුතු මින් පෙරද සිදුවූ බවත්, මහජන සම්බන්ධීකරණ කාර්යාලය හරහා එම කටයුතු ඉදිරියේදී තවදුරටත් පහසු වනු ඇතැයි අපේක්ෂා කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. ඉදිරියේදීත් මීගමුව ආසනය තුළ සිදු කෙරෙන පොදු කටයුතු වලදී අවශ්‍ය සහයෝගය ලබා දෙන බවත් ඒ සඳහා කැප වී කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසුවේය.