මීනගයා යළිත් පීලි මතට: අද සිට මඩකලපුව බලා ගමන් අරඹයි

සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් තාවකාලිකව නතර කර තිබූ ‘මීනගයා’ ශීඝ්‍රගාමී අන්තර් නගර දුම්රිය සේවාව අද (23) සිට නැවත ආරම්භ කරන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව, අද පස්වරු 7.00 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් මෙම දුම්රිය මඩකලපුව බලා ගමන් ආරම්භ කිරීමට නියමිතය. ‘දිට්වා’ සුළි කුණාටුවෙන් එල්ල වූ බලපෑම හේතුවෙන් මෙම දුම්රිය සේවාව තාවකාලිකව අත්හිටුවා තිබුණි.

What's your reaction?

Related Posts

1 of 1,024

Leave A Reply

Your email address will not be published. Required fields are marked *