මීළඟ මුදල් අමාත්‍යාංශ ලේකම් දුමින්ද?

මීළඟ මුදල් අමාත්‍යාංශ ලේකම් ලෙස දුමින්ද හුලංගමුව පත් වෙනවාද යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් දුමින්ද හුලංගමුව මහතා සඳහන් කළේ, “ඒ තීරණය ගන්නේ ජනාධිපතිතුමා විසින්” බවයි.

ඊයේ (24) රාත්‍රියේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක විකාශය වූ වැඩසටහනට සහභාගී වෙමින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතා මේ ආකාරයෙන් අදහස් දැක්වීය.

ප්‍රශ්නය – ඔබ සහ ජනාධිපතිතුමා අතර හෝ ඔබ සහ මුදල් අමාත්‍යාංශය අතර ඔබ මේ තනතුරට සුදුසුයි කියලා කිසියම් සාකච්ඡාවක් තිබුණේ නැද්ද?

“මම දන්න තරමින් එහෙම සාකච්ඡාවක් නැහැ. ඒක ජනාධිපතිතුමාගේ සහ රජයේ තීරණයක්.”

ප්‍රශ්නය – යම් හෙයකින් ජනාධිපතිතුමා ඔබට ලේකම් ධුරය භාර ගන්න කියලා ආරාධනා කළොත්, EY අතහැරලා ඒ තනතුර භාර ගන්න ඔබ සූදානම්ද?

“ඒක ටිකක් හිතලා බලන්න වෙනවා. EY එක මම වසර 4ක් සේවය කළ ආයතනයක්. එතැනත් යම් බලාපොරොත්තු තියෙනවා. EY එකේත් මේ වසර තුළ යමක් එනවා. ඒ නිසා එතැනත් යම් බැඳීමක් තියෙනවා. මේ සියල්ල සලකා බලලා තමයි තීරණයක් ගන්න වෙන්නේ.”

ප්‍රශ්නය – සාකච්ඡාවක් නැහැ කියලා කිව්වොත් හරිද?

“ඔව්, සාකච්ඡා ඇතුළතින් යනවා. බලමු මොකක්ද වෙන්නේ කියලා.”

What's your reaction?

Related Posts

1 of 648

Leave A Reply

Your email address will not be published. Required fields are marked *