රටේ දිස්ත්‍රික්ක දොළහක් මී උණ (Leptospirosis) ව්‍යාප්තිය සඳහා අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය නාලින්ද ජයතිස්ස මහතා අද (ඔක්තෝබර් 10, 2025) පාර්ලිමේන්තුවේදී පැවසීය. මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ගාල්ල, රත්නපුරය, කළුතර, කෑගල්ල, කුරුණෑගල, මාතර, හම්බන්තොට, අනුරාධපුරය, පොළොන්නරුව, බදුල්ල, ගම්පහ සහ මොනරාගල යන දිස්ත්‍රික්ක මී උණ ව්‍යාප්තියේ අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බවයි.රෝගය පාලනය කිරීම සඳහා අවශ්‍ය Doxycycline ඖෂධය රට තුළ ප්‍රමාණවත් තරම් ඇති බව අවධාරණය කළ අමාත්‍යවරයා, කුඹුරු වැනි අවදානම් කලාපවල සේවය කරන්නන් නියමිත වේලාවට එම ඖෂධය ලබා ගන්නා ලෙස ඉල්ලා සිටියේය.මාසයකට Doxycycline පෙති 10,000ක් අවශ්‍ය වන අතර, මේ වන විට මාස තුනකට අවශ්‍ය පෙති තොගයක් ගබඩාවල ඇති බවත්, තවත් මාස නවයකට අවශ්‍ය තොගයක් ඉක්මණින් ලැබීමට නියමිත බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.