ඉරාන නෞකාවලින් බේරාගත් පිරිසකට මානුෂීය රැකවරණය යටතේ මෙරට රැඳී සිටීම සඳහා රජය විසින් මාසයක කාලයකට නොමිලේ වීසා බලපත්‍ර ලබා දීමට තීරණය කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙවැනි තීන්දු කිසිදු පාර්ශ්වයකට වාසි සැලසීමට හෝ අගතියක් කිරීමට ගනු ලබන ඒවා නොවන බවත්, අවශ්‍යතාවක් මතු වුවහොත් ඉදිරියේදී ද මෙවැනි පියවර ගැනීමට රජය සූදානම් බවත්ය. ඉරාන නාවිකයන් සම්බන්ධයෙන් මෙම තීරණය ගනු ලැබුවේ ශ්‍රී ලංකාවට අදාළ ජාත්‍යන්තර සම්මුතීන් සහ සමුද්‍රීය නීතිවලට දැඩි ලෙස අනුකූල වෙමින් බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.


























