මුලතිව් වෙරළට පීඩන අවපාතය කඩා වදියි: උතුරට සහ නැගෙනහිරට තද වැසි!

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය අද සවස් කාලයේදී මුලතිව් වෙරළ තීරය හරහා ගමන් කිරීමට නියමිත බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අද පෙරවරු 11.30 වන විට මුලතිව් සිට කිලෝමීටර් 20ක් නැගෙනහිරින් ස්ථාපිතව තිබූ මෙම පද්ධතිය හෙට වන විට අඩු පීඩන කලාපයක් දක්වා දුර්වල වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙහි බලපෑම හේතුවෙන් උතුරු, උතුරු-මැද, ඌව සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම වයඹ සහ මධ්‍යම පළාත්වලට ද වැසි ඇති විය හැකි අතර, සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකිය.​පවතින කාලගුණ තත්ත්වය මත උතුරු සහ වයඹ පළාත්වලත්, මාතලේ, ත්‍රිකුණාමලය සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40 දක්වා වන තද සුළං ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

What's your reaction?

Related Posts

1 of 935

Leave A Reply

Your email address will not be published. Required fields are marked *