ජනවාරි 31 සහ පෙබරවාරි 1 යන දිනවල උදෑසන සහ සවස් කාලයේ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය විනාඩි 15ක් පමණ ප්‍රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම ප්‍රමාදය සිදු වන්නේ කොළඹ කොටුව සහ වැල්ලවත්ත අතර ඉහළ සහ පහළ මාර්ග දෙකෙහිම ධාවනය කළ හැකි දුම්රිය සංඛ්‍යාව ඉහළ නැංවීම සඳහා සිදු කරනු ලබන අත්‍යවශ්‍ය සංඥා පද්ධති නවීකරණ කටයුතු හේතුවෙනි. මෙම කාලය තුළ මගීන්ට සිදුවන අපහසුතාව පිළිබඳව දෙපාර්තමේන්තුව සිය කණගාටුව පළ කරන අතර, දීර්ඝකාලීන සේවා කාර්යක්ෂමතාව ඉහළ නැංවීම අරමුණු කරගත් මෙම සංවර්ධන කටයුතු සඳහා මහජන සහයෝගය අපේක්ෂා කරන බව ද දන්වා සිටියි.


























