මුහුදු ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි!

​කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවලට සවස්වරුවේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට අනාවැකි පල කර ඇත. සෙසු මුහුදු ප්‍රදේශ අවට ද, අද සවස්වරුවේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.සුළං නිරිත දිශාවෙන් හමනු ඇත.මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 25 ත් 35 ත් අතර වන අතර, පැයට කිලෝමීටර් 45 ක් දක්වා වූ තද සුළං ඇතිවීමේ හැකියාවක් ද පවතී.මෙම මුහුදු ප්‍රදේශ විටින්විට මධ්‍යස්ථ වනු ඇත.කෙසේ වෙතත්, ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං සහ ඉතා රළු මුහුදු තත්ත්වයක් අපේක්ෂා කළ හැකිය.

What's your reaction?

Related Posts

1 of 821

Leave A Reply

Your email address will not be published. Required fields are marked *