මුහුදු සීමා උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් 11 දෙනෙකු අත්අඩංගුවට…

මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ධිවර කටයුතුවල නිරතවූ  ඉන්දීය ධීවරයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ , නාවික හමුදාව ඩෙල්ෆ් මුහුදේ අද (27) අලුයම කළ මෙහෙයුමකදී යි.

ඔවුන් ගමන් කල ධීවර යාත්‍රාව එහිදී නාවික හමුදාව භාරයට ගෙන ඇත.

මේ අතර මෙරට මුහුදු සීමාවේ නීති විරෝධීව ධීවර කටයුතුවල නිරතවූ  ශ්‍රී ලාංකීක ධීවරයින් 57 දෙනෙකු  අත්අඩංගුවට ගෙන ඇත.

ඒ , නාවික හමුදාව හා පොලිසිය එක්ව පසුගිය 8 වැනිදා සිට 20 වැනිදා දක්වා කාලය තුළ කල මෙහෙයුම් වලදී යි.  

මුලතිව් නන්දිකඩාල් කලපුව, ත්‍රිකුණාමලය කොඩ්බේ, ඉච්චලම්පත්තු, කල්කුඩා, කෝකිලායි, පොතුවිල් සහ කින්නියා මුහුදු ප්‍රදේශවලදී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

What's your reaction?

Related Posts

1 of 766

Leave A Reply

Your email address will not be published. Required fields are marked *