මූල්‍ය වංචාවක් ගැන මැතිව්ස්ගෙන් චෝදනාවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස් සම්මුඛ සාකඡාවක දී කළ ප්‍රකාශයක් අන්තර්ජාල මූල්‍ය වංචාවක් සඳහා සංස්කරණය කර යොදා ගැනීම පිළිබඳ ඔහු විසින් චෝදනා කරනවා.

සිය නිල ‘X’ මැතිවුස් පවසන්න්නේ තමන් සම්මුඛ සාකච්ඡාවක දී කළ ප්‍රකාශයක් සංස්කරණය කර, අන්තර්ජාල මූල්‍ය වංචාවක් සඳහා යොදාගෙන ඇති බවයි.

ඔට්ටු ඇල්ලීමේ ක්‍රීඩාවක් ප්‍රවර්ධනය කරන වීඩියෝවකට හඬ කවා යොදාගෙන ඇති එම වීඩියෝව සම්බන්ධයෙන් මැතිව්ස් පවසන්නේ, “මෙය මිනිසුන් රවටා මගේ කීර්ති නාමයට කැළලක් ඇති කිරීමේ ද්වේෂසහගත උත්සාහයක්. මෙම වංචාකරුවන් රූපවාහිනී නාලිකාවකින් සංස්කරණය කළ වීඩියෝවක් භාවිත කර තිබෙන්නේ ! කරුණාකර එවැනි ක්‍රියාකාරකම් වාර්තා කර ඒ පිළිබඳ බලධාරීන් දැනුවත් කරන්න. මම මේ ගැන අදාළ බලධාරීන්ට වාර්තා කරනවා,” යනුවෙන්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *