මෙම වසරේ සිට ජාතික ඵලදායිතා සම්මාන තරඟාවලිය යළිත්

2025, 2026 වර්ෂ වල සිට ජාතික ඵලදායිතා සම්මාන තරඟාවලිය පාසල්, රාජ්‍ය, නිෂ්පාදන හා සේවා යන ප්‍රධාන ක්ෂේත්‍ර ඔස්සේ පැවැත්වීමට අදහස් කරන බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව පැවසුවේ ඊයේ (20) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

ශ්‍රී ලංකාව 1966 වර්ෂයේදී ආසියානු ඵලදායිතා සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමෙන් අනතුරුව ජාතික ඵලදායිතා සංවිධානය ස්ථාපිත කර ඇති අතර, එහි කාර්යයන් වඩාත් පුළුල් කිරීම සඳහා 1994 වසරේ දී ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය ස්ථාපිත කර තිබේ. තත්ත්වය, ඵලදායීතාව හා සේවාව වැඩිදියුණු කිරීම සඳහා වන යහපත් පරිචයන් අනුගමනය කිරීම සඳහා ආයතන දිරිමත් කිරීම, ජාතික දැක්ම හා සංවර්ධන වැඩසටහනට අනුගත වෙමින් පුරවැසියන්ගේ ජීවන මට්ටමට උසස් කරලීමට රාජ්‍ය ආයතන යොමු කිරීම, ආදර්ශවත් ආයතන හඳුනාගැනීම හා ජාතික මට්ටමින් ඇගයීමට ලක් කිරීම සහ සම්පත් අරපිරිමැස්ම තුළින් තිරසර සංවර්ධනය සඳහා අනාගත ගෝලීය අභියෝගයන්ට මුහුණ දීමට රාජ්‍ය ආයතන සූදානම් කිරීම ආදී අරමුණු සහිතව 2003 වර්ෂයේදී ජාතික ඵලදායීතා සම්මාන තරගාවලිය ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. 2006 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා අවස්ථා 10කදී එම තරගාවලිය පවත්වා ඇති අතර, 2020 වර්ෂයෙන් අනතුරුව එම තරගාවලිය පවත්වා නොමැත.

 වත්මන් රජයේ ‘Clean Sri Lanka’ ජාතික ව්‍යාපෘතියේ අරමුණු සාක්ෂාත් කර ගැනීමේ උපායමාර්ගික මෙවලමක් ලෙස 2025/26 වර්ෂයේ සිට ජාතික ඵලදායීතා සම්මාන තරගාවලිය පාසල්, රාජ්‍ය, නිෂ්පාදන හා සේවා යන ප්‍රධාන ක්ෂේත්‍රයන් යටතේ පැවැත්වීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

What's your reaction?

Related Posts

1 of 558

Leave A Reply

Your email address will not be published. Required fields are marked *