මෙරටින් පිට කිරීමට උත්සාහ කළ රත්‍රන් තොගයක් හසුවෙයි

නීති විරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කළ රත්‍රන් කිලෝ 11යි ග්‍රෑම් 300ක පමණ තොගයක් කල්පිටිය, බත්තලන්ගුඩුවේදී නාවික හමුදාව සිය භාරයට ගෙන තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව අද උදෑසන බත්තලන්ගුඩුව දුපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ඩිංගි යාත්‍රාවක් මගින් ප්‍රවාහනය කරමින් තිබූ මෙම රත්‍රන් සොයාගැනීමට හැකිව ඇත.

ඒ අනුව ඩිංගි යාත්‍රාව සමග සැකකුරුවන් තිදෙනෙකු ද නාවික හමුදාව සිය භාරයට ගෙන තිබේ.

වයඹ නාවික විධානයට ලද තොරතුරකට අනුව එම විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත විශේෂ යාත්‍ර බළඝණයේ කණ්ඩායමක් විසින් මෙම සෝදිසි මෙහෙයුම සිදුකළ බව නාවික හමුදාව පවසයි.

නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් තිදෙනා කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හදුනාගෙන තිබේ.

ඔවුන් ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇත

What's your reaction?

Related Posts

1 of 464

Leave A Reply

Your email address will not be published. Required fields are marked *