මහනුවර පල්ලෙකැලේ ආයෝජන කලාපයේ පිහිටි ‘කෙලූන් ලයිෆ් සයන්ස්’ (Kelun Life Science) සහ ‘සෙලාජන් ලංකා’ (Celagen Lanka) යන මෙරට ප්රමුඛ පෙළේ ඖෂධ නිෂ්පාදන සමාගම් දෙකක නිරීක්ෂණ චාරිකාවක සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගියදා නිරත විය. රජය සඳහන් කරන පරිදි මෙම ආයතන දෙක මේ වන විට ඖෂධ වර්ග 400කට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කරන අතර, යුරෝපා සංගමයේ තත්ත්ව සහතිකය (EU GMP) හිමි කර ගත් මෙරට එකම ඖෂධ නිෂ්පාදන සමාගම් දෙක ද මෙය වේ. විශේෂයෙන්ම ‘කෙලූන් ලයිෆ් සයන්ස්’ ආයතනය මෙරට මහා පරිමාණයෙන් සේලයින් නිෂ්පාදනය කරන ප්‍රමුඛතම පෞද්ගලික ආයතනය ලෙස ද ක්‍රියා කරයි.ජාත්‍යන්තර සහ ජාතික තත්ත්ව කළමනාකරණ ප්‍රමිතීන්ට අනුකූලව මෙම කර්මාන්තශාලාවල සිදුවන නිෂ්පාදන ක්‍රියාවලිය මෙන්ම එම ආයතනවල ඉදිරි සැලසුම් පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී සොයා බැලීය. මෙම අවස්ථාවට කෙලූන් සහ සෙලාජන් සමාගම්වල සභාපති වී. නඩරාජා සහ විධායක අධ්යක්ෂ අයි. සත්‍යමූර්ති යන මහත්වරුන් ද එක්ව සිටියහ.


























