මෙරට ජනගහනයෙන් 10%ක් පමණ වකුගඩු රෝගී තත්ත්වයෙන් පෙළෙන බව සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය පවසයි.

එහි ප්‍රධාන අනුශාසක විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව පැවසුවේ දියවැඩියාව වැළදීම මෙරට වකුගඩු රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමට බලපාන ප්‍රධාන සාධකය බවයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව මෙලෙස පැවසීය,

“අපේ රටේ 10% විතර කිසියම් හෝ වකුගඩු රෝගයෙක් සිටිනවා. ඇත්තටම මේ සඳහා විවිධ සාධක බලපානවා. මෙම රෝග වළක්වා ගැනීම සඳහා යොමු වෙන්න ඕනේ. විශේෂයෙන්ම දියවැඩියාව තමා අපේ රටේ වකුගඩු නරක් වෙන්න බලපාන ප්‍රධානතම සාධකය. මනා දියවැඩියා පාලනය තමා මෙම රෝගීන් වකුගඩු රෝගයෙන් බේරීමට කළ යුත්තේ. ඊට අමතරව වෛද්‍ය උපදෙස් පිළිපැදීම, සායනවලට නිසි පරිදි සහභාගී වීම, ඉතාම වැදගත්. ආහාරවල අධික ලුණු, සීනි හා තෙල් අඩු කරගෙන, නීරෝග අයෙක් නම් දිනකට වතුර ලීටර් තුන හමාරක් පමණ පානය කිරීම තුළින් මෙම රෝගයෙන් මිදීමට අවස්ථාව ලැබෙනවා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *