මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් 10ක් අත්අඩංගුවට

මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ති‌‌බේ.

ඒ, නාවික හමුදාව උතුරු මුහුදේ කළ සෝදිසි මෙහෙයුම්වලදීයි.

ඩෙල්ෆ් මුහුදේදී යාත්‍රා දෙකක් සමග ධීවරයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගැණුනි.

මන්නාරමේදී අත්අඩංගුවට ගෙන ඇති ධීවරයින් සංඛ්‍යාව 04 කි.

මෙහිදී ඔවුන් පැමිණි යාත්‍රාවක් ද නාවික හමුදා භාරයට ගෙන තිබේ.

නාවික හමුදාව සඳහන් කළේ, ඔවුන් ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර අධ්‍යක්ෂ කාර්යාලයට භාරදෙන බවයි.
 

What's your reaction?

Related Posts

1 of 558

Leave A Reply

Your email address will not be published. Required fields are marked *