ආණ්ඩුව විදුලි බිල අඩු කිරීම සඳහා මාස හයක් පමණ ගන්නා එය ජනතාවට ඉතා දිගු කාලයක් වන බවත් විදුලි පාරිභෝගිකයන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික පවසනවා.
විදුලි පාරිභෝගිකයන්ගේ සංගමය කැඳවූ මාධ්‍ය සාකච්ඡාවකදි ඔහු මේ බව කියා සිටියා.
විදුලි පාරිභෝගිකයන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික පවසා සිටියේ මෙවැන්නක්.
රජය විදුලි බිල අඩු කරන්ඩ අඩුම ගානේ මාස හයක්වත් ගන්නවා ඒක පොඩි කාලයක් කියලයි ආණ්ඩුව කියන්නේ.
ඒත් ජනතාවට ඉතා දිගු කාලයක් මහජන උපයෝගීතා කොමිසම මිනිසුන්ගේ අදහස් ගන්න දැන් උත්සහ කරනවා
මේ 27 වැනිදා ගන්න මහනුවරදී අදහස් විමසනවා රට වටේම අදහස් විමසීම ඉතාමත් හොඳයි විදුලි පාරිභෝගිකයන්ගේ සංගමයේ සභාපති mdr අතුල
මේක දවල් මිගෙල් රෑ දනියෙල් ආණ්ඩුවක් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මල්ලිගේ ආණ්ඩුව නෙමේ මේක මේක රනිල්ගේ අයියගේ ආණ්ඩුව සේරම ප්‍රශ්න ටික සත්තුන්ගේ පිටින් අරින්න හදනවා
රිලව් වඳුරො අලි අල්ලගෙන මාධ්‍යයෙන් ම ඇත්ත ප්‍රශ්න වහනවා ඉන්දියාව එක්ක ගිවිසුම් ගැහුවේ නෑ කියලා තමයි කියන්නේ.
ඒ උනාට සාකච්ඡා කළේ මොනවද කියලා ජනතාවට කියන්න ඕනෑ.
තෙල් නළයක් එලනවා කිව්වා විදුලි රැහැන් පද්ධතියක් ඇති කරනවා කිව්වා. බලශක්තිය ඉන්දියාවට දෙන්න යන්නේ