මහියංගණ මාපාකඩවැව ශ‍්‍රී සුදර්ශනාරාම විහාරාධිපති,
මල්ලැරහැවේ ශ්‍රී සරණංකර නාහිමියන්ගේ සංකල්පයකට
අනුව, උන්වහන්සේගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන්
ආරම්භ කරනු ලැබූ “පන්සලෙන් ගමට “ සුව හසන ගිලන් රථ සේවය
2025-02-08 දින සිට ග්‍රාමීය ජනතා සේවයට එක්කලේය.
මෙම අවස්ථාව සඳහා මහා සංඝරත්නය හා ග්‍රාමිය යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා හා
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සුදත් බලගල්ල මහතා සහ ගම්වාසීන් රැසක් එක්ව සිටියේය.
උන්වහන්සේ සතුව පැවති මොන්ටේරෝ රථය විකුණා, අනෙක් කාර් රථය බැංකුවේ ඇපයට තබා, ණයක් ගෙන
මිළදී ගත් වෑන් රථයක් ගිලන් රථයකට අවශ්‍ය අංග උපෝංග සවිකර මෙම ගිලන් රථය නිර්මාණය කර ඇත.
මල්ලැරහැවේ ශ්‍රී සරණංකර නාහිමියන් අන්තර්ජාලයේ විඩියෝවක් නරබා ඇති වු සංකල්පයක් අනුව උන්වහන්සේගේ 68වන ජන්ම දිනය නිමිති කර ගනිමින්
මෙම ගිලන් රථය ජනතා සේවය වෙනුවෙන් නිර්මාණය කරනු ලැබ ඇත.
බදුල්ල මහරෝහලට, පොලොන්නරුව මහ රෝහලට, මහරගම පිළිකා රෝහල වෙත මහනුවර මහරෝහල වෙත රෝගි ප්‍රතිකාර වෙනුවෙන් යන වකුගඩු රෝගින්, අංශබාග, පිළිකා, ළමා රෝගින්
වෙනුවෙන් ගමන් පහසුකම නොමිළේ ලබාදීමට උන්වහන්සේ බලාපොරොත්තුවෙන් සිටිති.
රටපුරා පිහිටි විහාරස්ථාන වල මේ වන විට මෙවැනි සුවසහන ගිලන් රථ සේවා ආරම්භ කරමින් පවතින අතර, එවැනි ගිලන් රථ සේවයක් ආරම්භ කරනු ලැබූ
04 විහාරස්ථානව මහියංගණ මාපාකඩවැව ශ‍්‍රී සුදර්ශනාරාම බවට පත්ව ඇත. මීට පෙර එවැනි සේවාවක් ආරම්භ කරනු ලැබු
පණුවස්නුවර මන්ඩාපොල දිග්ගල ගෙදර පුරාන විහාරීය ගිලන් රථය
නිකවැරටිය, කොටවෙහෙර සූදීරගම ශ්‍රී ජිනරතන සදහම් සෙවණ ගිලන් රථය
සෙල්ල කතරගම වතුරුව රජමහා විහාරයේ ගිලන් රථය මෙම අවස්ථාව සඳහා රැගෙනවිත් තිබිණ.