මෝදි ලංකාවට එන දිනය ජනපති කියයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එළැඹෙන අප්‍රේල් මස 5 වන දින දිවයිනට පැමිණීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

අද පස්වරුවේ පාර්ලිමේන්තුවේ දී අයවැය විවාදයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

සාම්පූර් බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ඒ සමගම ආරම්භ කිරීමට නියමිත බව ද පැවසු ජනාධිපතිවරයා, රටේ ස්ථාවරභාවය හේතුවෙන් මෙලෙස රාජ්‍ය නායකයෙකු ලංකාවට පැමිණෙන බව ද පැවසුවා.

මාස දෙකක් ඇතුළත සියඹලාණ්ඩුවේ නව සූර්යය බලාගාරයකුත් මන්නාරමේ නව සුළං බලයෙන් නිෂ්පාදනය කරනු ලබන මෙගාවොට් 50ක බලාගාරයකුත් සෑදීමට බලාපොරොත්තු වන බව ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

What's your reaction?

Related Posts

1 of 692

Leave A Reply

Your email address will not be published. Required fields are marked *