යතුරුපැදි අනතුරකින් වෛද්‍යවරයෙකු ජීවිතක්ෂයට

වෛද්‍යවරයෙකු යතුරු පැදි අනතුරකින් මියගොස් තිබෙනවා.

යාපනය ශීක්ෂණ රෝහලේ සේවය කළ වෛද්‍යවරයෙකු මෙසේ මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

වෛද්‍යවරයා යාපනය දෙසට යතුරු පැදියෙන් යමින් සිටියදී කොළඹ දෙසට අධික වේගයෙන් ගමන් ධාවනය වූ මෝටර් රථයක් නුනාවිල් ප්‍රදේශයේදී වෙනත් වාහනයකට ඉස්සර කිරීමට උත්සහ කළ අවස්ථාවේදී වෛද්‍යවරයා ගමන් කළ යතුරුපැදියේ ගැටී තිබෙනවා.

එහිදී ඇද වැටුණු වෛද්‍යවරයා මෝටර් රථයට යට වී බරපතල තුවාල ලබා රෝහල ගතකර තිබුණා.

මෙම අනතුර ඊයේ (30) සිදුව තිබෙන බවයි පොලිසිය පැවසුවේ.

මෙම අනතුර සම්බන්ධයෙන් චාවාකච්චේරී පොලීසිය පරීක්ෂණ පවත්වනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *