යාපනයේ සිදු වූ බිහිසුණු අනතුර

කටුනායක ගුවන් තොටුපලේ සිට විදේශිය සංචාරකයින් පිරිසක් රැගෙන එමින් තිබූ වෑන් රථයක් යාපනයේ නුනාවිල් ප්‍රදේශයේදී අත් ට්‍රැක්ටරයක් පිටුපස ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුවුණා.

එම අනතුරින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී හතර දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ වෑන් රථයේ රියදුරු වූ යාපනයේ කොණ්ඩාවිල් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

වෑන් රථයේ රියදුරුට නින්ද යාම නිසා මෙම අනතුර සිදුව අති බවයි අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන චාවාකච්චේරී පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් පවසා සිටියේ.

අනතුර හේතුවෙන් අත් ට්‍රැක්ටරය කැබලි කීපයකට කැඩී ගොස් එහි රියදුරුද තුවාල ලබා ඇති බවයි වාර්තා වෙන්නේ.

වෑන් රථය තුළ සිටි විදේශිකයින් පස් දෙනාගෙන් තුන් දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් එක් අයෙකු කුඩා දැරියක්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *