යාපනය මුහුදේ අනවසරයෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 03ක් නාවික හමුදා අත්අඩංගුවට

යාපනය ඩෙල්ෆ්ට් දූපතට දකුණු දෙසින් වූ ශ්‍රී ලංකා මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් තිදෙනෙකු සහ ඔවුන් සතු ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත් විය. පසුගිය සෙනසුරාදා (දෙසැම්බර් 27) නාවික හමුදාව සිදුකළ නිත්‍ය මුර සංචාරයකදී මෙම පිරිස කොටුකරගෙන තිබේ. උතුරු නාවික විධානය මගින් ක්‍රියාත්මක කළ මෙම මෙහෙයුමේදී, ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී සිටි තවත් ඉන්දීය ධීවර යාත්‍රා කිහිපයක් පලවා හැරීමට කටයුතු කළ බවත්, ඉන් ඉවත් නොවී දිගින් දිගටම මසුන් ඇල්ලීමේ නිරත වූ එක් යාත්‍රාවක් මෙලෙස අත්අඩංගුවට ගත් බවත් නාවික හමුදාව පවසයි.​අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් සහ ඔවුන්ගේ යාත්‍රාව කාරේනගර් ජැටිය වෙත රැගෙන ඒමෙන් පසු, ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට පියවර ගෙන ඇත. ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ විදේශීය ධීවර යාත්‍රා සිදුකරන අනවසර ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව අඛණ්ඩව මෙවැනි මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

What's your reaction?

Related Posts

1 of 918

Leave A Reply

Your email address will not be published. Required fields are marked *