යාල ජාතික වනෝද්‍යානය සම්බන්ධව ගත් විශේෂ තීරණය

පවතින වැසි තත්ත්වය පහව යනතුරු යාල ජාතික වනෝද්‍යානය වසාදැමීමට තීරණය කළ බව යාල ජාතික උද්‍යානභාර මනෝජ් විද්‍යාරත්න මහතා පවසයි.

පසුගිය දින දෙක තුළ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් යාල ජාතික උද්‍යානයේ මාර්ග බොහොමයක් ජලයෙන් යටවී ඇති අතර, වනෝද්‍යානය තුළ ඇති වැව් ඉවුරු කිහිපයක් කඩාගෙන ගොස් ඇති බවද ඔහු සඳහන් කළේය.

වන සතුන්ගේ ආරක්ෂාව මෙන්ම සංචාරකයින්ගේ ආරක්ෂාව සඳහා අද (01) සිට වැසි තත්ත්වය පහව යනතුරු යාල ජාතික උද්‍යානය වසා දැමීමට තීරණය කර ඇත.

ඒ අනුව යාල කලාප අංක 1ට අදාල කටගමුව හා පලටුපාන පිවිසුම් දොරටු වසාදමා ඇති බව දන්වා සිටී.

මේ පිළිබඳව අපකළ සොයා බැලීමේදී යාල වනෝද්‍යානය පිවිසුම් මාර්ගය නිමලව ප්‍රදේශයේ මාර්ග කිහිපයක් ගංවතුරෙන් යට වී ඇති බව දැකගැනීමට හැකිවිය.

කෙසේ වෙතත්, යාල සෆාරි ජීප් රථ එකමුතුවේ සභාපති තරිඳු ජයසිංහ සඳහන් කළේ කිසිදු දැනුම්දීමකින් තොරව ගත් මෙම තීරණය හේතුවෙන් මුදල් ගෙවන ලද සංචාරකයින් දැඩි අපහසුතාවට ලක්ව ඇති බවයි.

What's your reaction?

Related Posts

1 of 669

Leave A Reply

Your email address will not be published. Required fields are marked *