යුද හමුදාපතිට අපහාස කිරීම වළක්වාලමින් අධිකරණයෙන් නියෝගයක්

යුද හමුදාපති විකුම් ලියනගේට අපහාසාත්මක වන ආකාරයේ වීඩියෝ දර්ශන හා ප්‍රකාශ උඩුගත කිරීම හා ප්‍රචාරය කිරීම වළක්වාලමින් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත යටතේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වෙත කොන්දේසි සහිත ආඥාවක් නිකුත් කළා.

යුද හමුදාපතිවරයා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ විසින් යූ ටියුබ් නාලිකාවකට සහ එහි හිමිකරුට මෙම ආඥාව නිකුත් කරනු ලැබුවා.

යුද හමුදාපති විකුම් ලියනගේ විසින් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳව පනතේ 24 වන වගන්තිය යටතේ අධිකරණයට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *