විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා බෙල්ජියමේ පැවැත්වෙන 4 වැනි යුරෝපා සංගම්-ඉන්දු පැසිෆික් අමාත්‍යවරුන්ගේ සමුළුවට සහභාගී වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. මෙම සමුළුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා 2025 නොවැම්බර් 19 සිට 22 දක්වා බ්‍රසල්ස් නුවර නිල සංචාරයක නිරත වන බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය. මෙම සංචාරය අතරතුර, නියෝජ්‍ය අමාත්‍යවරයා යුරෝපා සංගම් ඉන්දු-පැසිෆික් අමාත්‍යවරුන්ගේ සමුළුවේ උසස් මට්ටමේ සැසිවලට සහභාගී වීමට නියමිතය. තවද, දෙපාර්ශවයේම අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන ප්‍රධාන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ සම්භාවනීය අමුත්තන් සහ නිලධාරීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද ඔහු අපේක්ෂා කරයි.
























