යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි.

යුරෝපා සංගම් තානාපති සහ යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයින් ඇතුළු පිරිසක් අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු විය.

ඒ අවස්ථාව සඳහා යුරෝපා සංගමයේ තානාපති H.E. Carmen Moreno, යුරෝපා සංගමයේ මෙරට සහ මාලදිවයින් නියෝජිත කණ්ඩායමේ නියෝජ්‍ය ප්‍රධානී ලාර්ස් බ්‍රෙඩල් මහතා සහ යුරෝපා සංගමයේ ප්‍රධාන නිරීක්ෂකයකු ලෙස කටයුතු කරන Nacho Sanchez මහතා ඇතුළු පිරිසක් එක්විය.

මෙහි දී දෙපාර්ශ්වය අතර සමාජ, ආර්ථික හා දේශපාලන කරුනු රැසක් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු විය.

මේ අවස්ථව සඳහා යුරෝපා සංගමය නියෝජනය කරමින් ප්‍රධාන නිරීක්ෂක මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුම Jose Ignacio Sanchez Amor, නියෝජ්‍ය ප්‍රධාන නිරීක්ෂක Inta Lase, නීති විශ්ලේෂක ඈන් මාල්බරෝ, දේශපාලන විශ්ලේෂක රැල්ෆ් මයිකල් පීටර්ස් යන මහත්වරු මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා ද සහභාගී විය

What's your reaction?

Related Posts

1 of 439

Leave A Reply

Your email address will not be published. Required fields are marked *