රජයේ අසාර්ථකත්වය සහ විදෙස් ශ්‍රමික ගැටලු ගැන හර්ෂණ රාජකරුණා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේදී හඬ අවදි කරයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා අද (මාර්තු 06) කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක නිරත විය. මෙහිදී ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු හුවමාරු කරගත් බවත්, රටේ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව ඔවුන්ව දැනුවත් කළ බවත් හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේය.​රජයේ වත්මන් ගමන්මග විවේචනය කළ මන්ත්‍රීවරයා, පාලකයින් සතුව රට ගොඩනැගීමේ නිසි වැඩපිළිවෙළක් නොමැති වීම හේතුවෙන් ජනතාව අලුත් ගැටලු රාශියකට මුහුණ දී සිටින බව පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම විදේශගත ශ්‍රමිකයන්ගේ රැකියා සුරක්ෂිතභාවය දැඩි අවදානමකට ලක්ව ඇති බවත්, ඔවුන්ගේ සුභසාධනය වෙනුවෙන් රජය මැදිහත් නොවීම කණගාටුවට කරුණක් බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.​මෑතකදී ඉරාන නෞකාවක සිටි ශ්‍රී ලාංකිකයින් මුහුණ දුන් අවාසනාවන්ත සිදුවීම පිළිබඳව ද රාජකරුණා මහතා මෙහිදී ප්‍රශ්න කළේය. අදාළ පිරිස පැය එකොළහකට අධික කාලයක් නෞකාව තුළ සිරවී සිටියදී ඔවුන් මුදාගැනීමට බලධාරීන් ප්‍රමාද වූයේ මන්දැයි විමසූ ඔහු, මේ පිළිබඳව වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වා වගකිවයුත්තන් හෙළිදරව් කළ යුතු බව අවධාරණය කළේය.

What's your reaction?

Related Posts

1 of 1,037

Leave A Reply

Your email address will not be published. Required fields are marked *