රජයේ පොරොන්දු කඩවෙයි: වෛද්‍යවරුන් දැඩි තීරණයකට සැරසෙයි!

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින දීර්ඝකාලීන ගැටලු විසඳීම සඳහා රජය ලබාදුන් ලිඛිත පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වීම හේතුවෙන්, ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳ තීරණය කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) එළඹෙන බදාදා (ජනවාරි 07) විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් කැඳවා තිබේ. ඩැට් (DAT) දීමනාව යාවත්කාලීන කිරීම, 22/99 චක්‍රලේඛය යටතේ ප්‍රවාහන ගැටලු විසඳීම, අතිරේක රාජකාරි දීමනාව ස්ථිර ප්‍රතිලාභයක් බවට පත් කිරීම සහ ‘ශ්‍රී ලංකා වෛද්‍ය සේවය’ නමින් වෙනම සේවාවක් ස්ථාපිත කිරීම ඇතුළු සෞඛ්‍ය අමාත්‍යවරයා ලබාදුන් ප්‍රධාන පොරොන්දු මෙතෙක් ක්‍රියාත්මක වී නොමැති බව එම සංගමය පෙන්වා දෙයි.​මුදල් අමාත්‍යාංශය සමඟ ජනවාරි 5 වැනිදා සිට පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අකර්මන්‍යතාවය හේතුවෙන් ආරම්භ නොවූ බවත්, මෙය එකඟ වූ කාලසීමාවන් උල්ලංඝනය කිරීමක් බවත් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි. මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව සුරැකීම ජාතික වගකීමක් බව පෙන්වා දෙන එම සංගමය, මානව සම්පත් හිඟය සහ ඖෂධ හිඟය වැනි පද්ධතිමය ගැටලු මෙන්ම වෛද්‍යවරුන්ගේ ගැටලු දිගින් දිගටම නොසලකා හැරීම හරහා රජය කෙරෙහි පවතින විශ්වාසය බිඳවැටී ඇති බවත්, මින් ඉදිරියට දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට යොමු වීමට සිදුවනු ඇති බවත් රජයට අනතුරු අඟවයි.

What's your reaction?

Related Posts

1 of 931

Leave A Reply

Your email address will not be published. Required fields are marked *