2026 වසර සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද අයවැය මඟින් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටලු නිසි ලෙස විසඳීමට අපොහොසත් වීම පිළිබඳව විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් හෙට (නොවැම්බර් 17) දිනයේ සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර ඇත. මේ සම්බන්ධයෙන් රජයේ පාර්ශ්ව දැනුවත් කළ ද සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණු බැවින් මෙම ක්‍රියාමාර්ගයට යාමට තම සංගමය තීරණය කළ බව ඔවුන් ප්‍රකාශ කරයි.ඒ අනුව, එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කළේ, මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හෙට උදෑසන 8.00 සිට දිවයින පුරා පිහිටි රෝහල්වල ආරම්භ කිරීමට නියමිත බවයි.
























