සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මීට පෙර එකඟ වූ විසඳුම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම හේතුවෙන්, දිවයින පුරා පිහිටි රජයේ රෝහල් ආවරණය වන පරිදි හෙට (26) සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරීන් තීරණය කර ඇත. තම ගැටලුවලට බලධාරීන් නිසි ප්‍රතිචාර නොදැක්වීම මත මෙම දැඩි තීන්දුව ගත් බව පවසන වෛද්‍යවරුන්, ඉල්ලීම් ඉටුවන තෙක් සිය සේවයෙන් බැහැරව සිටීමට සැලසුම් කර තිබේ. මෙම හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් හෙට දිනයේ සිට දිවයින පුරා රෝහල්වල සායනික කටයුතු ඇතුළු දෛනික ප්‍රතිකාර සේවාවලට දැඩි බාධා එල්ල වීමේ අවදානමක් පවතින බැවින් රෝගීන් දැඩි දුෂ්කරතාවයට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.


























