රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් අතර විශේෂ සාකච්ඡාවක් අද දින පක්ෂ මූලස්ථානය වන නෙළුම් මාවතේදී පැවැත්විණි. මෙම හමුව සඳහා SLPP මහ ලේකම් සාගර කාරියවසම්, ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක, පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මඩුගොඩ, සහ හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් වන ඉන්දික අනුරුද්ධ සහ ප්‍රසන්න රණතුංග යන මහත්වරුන් සහභාගී විය. GMOA වෙනුවෙන් එහි සභාපති වෛද්‍ය සංජීව තෙන්නකෝන්, ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස ඇතුළු වෘත්තීය සමිති නිලධාරීන් කිහිප දෙනෙක් ද සහභාගී වූහ. 2026 අයවැයෙහි යෝජනා කිහිපයකට විරෝධය පළ කරමින් GMOA සංවිධානය රජයේ රෝහල්වල සේවා සීමා කරමින් ඔවුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව කරගෙන යන අතරතුර මෙම හමුව සිදුවිය.























