රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යළි වර්ජනයක: නැගෙනහිර පළාතේ රෝහල් කටයුතු අඩපණ වෙයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම් සඳහා රජයෙන් නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන්, නැගෙනහිර පළාතේ සියලුම රජයේ රෝහල්වල වෛද්‍යවරුන් අද පෙරවරු 8.00 සිට යළිත් වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව නිවේදනය කර ඇත. තෛපොංගල් උත්සවය නිමිත්තෙන් මහජනතාවට සිදුවන අපහසුතාවයන් මගහරවා ගැනීම සඳහා උත්සව සමයේදී මෙම වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබූ අතර, ඉල්ලීම් ඉටු නොවීම හේතුවෙන් එය මෙලෙස යළි ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 971

Leave A Reply

Your email address will not be published. Required fields are marked *