
නව රජය විසින් වතුකර ජනතාවට නිවාස සහ වෙනත් ප්‍රතිලාභ ලබා දීමේ දි පෙර මෙන් පක්ෂ පාට නොබලා සාධාරණව ක්‍රියා කිරිම පිළිබඳව තනාපතිනිය සිය ප්‍රසාදය පල කරන බව මෙරට ඇමරිකානු තනාපතිනි ජුලි චන්ග් (Julie Chung) මහත්මිය අවධාරණය කළාය.
ඇමරිකානු තානාපතිනිය ජුලි චන්ග් මහත්මිය සහ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා අතර විශේෂ හමුවක් පසුගියදා (25) දින වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේදි පැවැත්වු අතර එම විශේෂ හමුවේදි තනාපතිනිය මේ බව කියා සිටියාය.
ඉදිරියේදි මෙරට ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සඳහා තේ, පොල්, රබර් යන ක්ෂේත්‍රයන්වල සිදු කල යුතු නව්‍යතාවන් පිළිබඳව ද මෙහිදි දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. එමෙන්ම ඉදිරියේදි ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සම්බන්ධතා වර්ධනය කර ගැනිමට අවශ්‍ය කටයුතු සිදු කරන බවත් තනාපතිනිය අවධාරණය කළාය.
මලයගම් ප්‍රජාව මෙරට ආර්ථිකයට විශාල ශක්තියක් ලබා දී ඇති බවත් එම ජනතාවට අහිමි වී ඇති මූලීක අයිතීන් ලබා දීමට රජයක් ලෙස පූර්ණ ලෙස මැදිහත් වි කටයුතු කරන බවත් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා මෙහිදි කියා සිටියේය.
මෙහිදි ජුලි චන්ග් මහත්මිය කියා සිටියේ මැතිවරණ කාලයට දේශපාලකයින් ඡන්දය ලබා ගැනිමේ අරමුණින් වතුකර ජනතාවට පොරොන්දු ලබා දුන්නද ඉන් පසු එම පොරොන්දු ඉටු නොකිරිම කණගාටුවට කරුනක් බවත්ය. ඒ පිළිබඳව පැහැදිලි කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ වසර 76ක් පුරා මලයගම් ප්‍රජාව දේශපාලකයන් විසින් රැවටීමට ලක් කල බවත් නව රජය යටතේ මින් ඉදිරියට කිසිසේත් එවැන්නක් සිදු නොවන බවත්ය. එමෙන්ම නිවාස ලබා දීමේදි ප්‍රමුඛතාව ලබා දෙනු ලබන්නේ ආපදාවට ලක් වු සහ ආපදාවට ලක්විය හැකියැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය(NBRO) මගින් තහවුරු කරන ලද නිවාසවල සිටින ජනතාවට බවත් අමාත්‍යවරයා මෙහිදි අවධාරණය කළේය.එමෙන්ම පසුගිය කාලයේ දි මෙන් නොව, මෙම නිවාස ලබා දීමේදි හා ඉදි කිරිමේදි කිසිදු දේශපාලන මැදිහත් විමක් සිදු නොවන බවත් එහි පූර්ණ මැදිහත් විම සහ අධීක්ෂණය වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය මගින් සිදු කෙරෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
නව රජයේ වැඩපිලිවෙල පිළිබඳව සිය ප්‍රසාදය පලකල ඇමෙරිකානු තානාපතිනිය සිය සුබ පැතුම් එක් කරමින් දෙරට අතර මිතුදම තවදුරටත් ශක්තිමත් කිරිමට අවශ්‍ය කටයුතු සිදු කරන බවත් සඳහන් කළාය.
මෙම අවස්ථාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා, අමාත්‍යාංශ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්තී මහතා සහ තනාපති කාර්ය මණ්ඩල නිළධාරින් ඇතුළු පිරිසක් සහභාගි වූහ.