රජය සහ ඉන්දියාවේ එක්සිම් බැංකුව අතර ණය ප්‍රතිව්‍යුහගතකරණයට එකඟතා

ශ්‍රී ලංකා රජය සහ ඉන්දියාවේ එක්සිම් බැංකුව අතර ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට අදාලව ද්විපාර්ශවික සංශෝධිත එකතාවලට එළැඹ තිබේ.

ඒ , ණය පහසුකම සහ මිලදී ගැනීමේ ණය පහසුකම් සදහායි.

මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයට අනුව මෙම ණය සංශෝධන ගිවිසුම අත්සන් කිරීම ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ වැදගත් පියවරක් ලෙස සැලකෙයි.

මෙම ද්විපාර්ශවික සංශෝධිත ගිවිසුම් අත්සන් කර ඇත්තේ මාර්තු 25 සහ අප්‍රේල් 03 යන දිනවලදී යි.

ඒ හරහා ඉන්දියානු රජය සමග අමෙරිකානු ඩොලර් මිලියන 930.8 ක් පමණ වූ ණය පහසුකම් 8කට සහ මිලදී ගැනීමේ ණය පහසුකම් 4කට අදාල ගිවිසුම් ප්‍රතිව්‍යුහගත කර තිබේ. 

What's your reaction?

Related Posts

1 of 763

Leave A Reply

Your email address will not be published. Required fields are marked *