දිවයින පුරා මත්ද්‍රව්‍ය ජාලය මර්දනය කිරීම සඳහා ක්‍රියාත්මක වන “රටම එකට” ජාතික මෙහෙයුම යටතේ ඊයේ (දෙසැම්බර් 27) දිනයේ පමණක් සැකකරුවන් 840 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි. මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම සහ ඉල්ලුම අවම කිරීමේ අරමුණින් මෙම විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක වේ.ඊයේ දිනය තුළ සිදුකළ වැටලීම් වලදී හෙරොයින් ග්‍රෑම් 378ක් (සැකකරුවන් 297ක්), අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 417ක් (සැකකරුවන් 295ක්) සහ ගංජා ඇතුළු අනෙකුත් මත්ද්‍රව්‍ය තොග රැසක් පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් 11 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත විමර්ශන ආරම්භ කර ඇති අතර, හය දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කර තිබේ.



























