“රටම එකට” ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන යටතේ ඉකුත් ඉරිදා (18) දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුම්වලදී සැකකරුවන් 925 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. එහිදී වැටලීම් 932ක් සිදු කර ඇති අතර, අත්අඩංගුවට ගත් පිරිසෙන් සැකකරුවන් 23 දෙනෙකු සඳහා රැඳවුම් නියෝග ලබා ගැනීමටත්, පුද්ගලයන් දෙදෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමටත් පියවර ගෙන ඇත.මෙම වැටලීම්වලදී හෙරොයින්, අයිස්, කොකේන්, ගංජා, ගංජා පැළ, කුෂ්, මත්පෙති, මදනමෝදක සහ මාවා ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් භාරයට ගෙන තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරම සහ මත්ද්‍රව්‍ය භාවිතය මර්දනය කිරීම සඳහා “රටම එකට” මෙහෙයුම් ඉදිරියටත් දිවයින පුරා දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිසිය වැඩිදුරටත් අවධාරණය කළේය.


























