රටේ අනාගතය වෙනුවෙන් විපක්ෂයේ සියලු පක්ෂ එකම පෙරමුණකට! – නාමල් රාජපක්ෂ

රටේ ඉරණම වෙනස් කළ හැකි එකම විකල්පය ඒකාබද්ධ විපක්ෂ සන්ධානයක් ගොඩනැගීම පමණක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. දේශපාලන පක්ෂ බෙදී වෙන්වී රට දුර්වල වීමට ඉඩ දෙනවාට වඩා, පක්ෂ එකට එක්විය යුතු බව තම පියා සැමවිටම විශ්වාස කළ බවත්, ඒ අනුව එක්සත් ජාතික පක්ෂය (UNP) සහ සමගි ජන බලවේගය (SJB) එක්වීමට ගන්නා උත්සාහයන් තමන් සාදරයෙන් පිළිගන්නා බවත් ඔහු සඳහන් කළේය. තමන් එම පක්ෂවල සාමාජිකයෙකු නොවන බැවින් එම එක්වීම සිදුවේද යන්න පිළිබඳව ස්ථිරව ප්‍රකාශ කළ නොහැකි වුවද, ජාතික අවශ්‍යතාවය වෙනුවෙන් සියලු විපක්ෂ කණ්ඩායම් එක්විය යුතු බව ඔහු අවධාරණය කළේය. මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාද අදහස් දක්වමින් කියා සිටියේ රටේ යහපත් අනාගතයක් සහතික කළ හැකි එකම මග මෙලෙස විපක්ෂය ඒකාබද්ධ වීම පමණක් බවයි.

What's your reaction?

Related Posts

1 of 930

Leave A Reply

Your email address will not be published. Required fields are marked *