රටේ අනාගතය සුරැකීමට පෙරමුණ ගන්නැයි අගමැතිනියගෙන් බාලදක්ෂයින්ට ඇරයුම්

ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩන් පවෙල් සාමිවරයාගේ 169 වන ජන්ම දින සැමරුම සහ ලෝක බාලදක්ෂ චින්තන දින උත්සවය පසුගිය දින (පෙබරවාරි 22) ජාතික බාලදක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණු අතර, එහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය බාලදක්ෂයින්ගෙන් ඉල්ලා සිටියේ රටේ අනාගතය සුරැකීම සඳහා වගකීම් සහගත භූමිකාවක් ඉටු කරන ලෙසයි. බාලදක්ෂ ව්‍යාපාරය යනු හුදෙක් තනතුරු දැරීමක් නොව, “සූදානම් වන්න” යන මූලධර්මය යටතේ විනය ගොඩනගා ගැනීම, අන් අයට උපකාර කිරීමට සූදානම් වීම සහ සේවය සඳහා කැපවීම බව ඇය මෙහිදී අවධාරණය කළාය. නූතන තාක්ෂණය ඵලදායී ලෙස භාවිත කරමින්, අන් අයට ගරු කරන විනයගරුක සහ දැනුමෙන් සන්නද්ධ පිරිසක් ලෙස සමාජයට සේවය කරන ලෙසත්, ගස් සිටුවීම සහ ජල මූලාශ්‍ර සුරැකීම වැනි පරිසර හිතකාමී වැඩසටහන් සඳහා දායක වන ලෙසත් ඇය වැඩිදුරටත් උනන්දු කළාය.​මෙම උත්සවය අතරතුර බාලදක්ෂ ඩිජිටල්කරණ ව්‍යාපෘතිය යටතේ දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා සංකේතාත්මකව ලැප්ටොප් පරිගණක සහ ප්‍රථමාධාර කට්ටල බෙදා දීම සිදු වූ අතර, ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතා විසින් අග්‍රාමාත්‍යතුමිය වෙත සමරු බාලදක්ෂ මුද්දර එකතුවක් ද පිළිගන්වන ලදී. අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නිලධාරීන් සහ දිවයින පුරා විසිරී සිටින බාලදක්ෂයින් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

What's your reaction?

Related Posts

1 of 1,024

Leave A Reply

Your email address will not be published. Required fields are marked *